LATE-CITY-DM-4-6

තාජුඩීන්ගේ මරණය ඝාතනයක්

LATE-CITY-DM-4-6

රිය අනතුරකින් මිය ගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව සහ රිය අනතුර සිදු වන අවස්ථාවේදී ඔහු වාහනය පදවා නොමැති බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (03) ලිඛිතව දැනුම් දුන්නා.

එම මරණයට හේතුව ඔහුගේ  බහුවිධ තුවාල වීමෙන් සිදුවී ඇති ප්‍රතිවිපාක හා ගින්නේ ප්‍රතිවිපාක බව යි ඔහු  සහ  අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ අදහස වී ඇත්තේ.

අධිකරණය වෙත ලබා දුන් ලිඛිත වාර්තාව මෙසේය.

01. ගොඩගන්නා ලද මළ සිරුරු කොටස්ද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු නිසි ලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කර ගනිමින් අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ රඳවා ගන්නා සාම්පලද මියගිය මොහොමඩ් වසීම් තාජුඩීන් යන අයගේ බව හඳුනා ගන්නා ලදී. එම කරුණු ඩී.එන්.ඒ. පරීක්‍ෂණයෙන්ද මරණයට පෙර හා පසු ගන්නා ලද එක්ස් රේ ඡායාරූප සැසඳීමේදී හා පෙර සිදු කර ඇති ශල්‍ය ප්‍රතිකාර ලක්‍ෂණවලින්ද තහවුරු විය.

02. ගොඩගන්නා ලද මෘත ශරීර කොටස්වල වියළි අස්ථින් පමණක් අඩංගු විය. මෘදු පටක කොටස් ඇට කැබැලිවල දක්නට නොලැබිණි.

03. ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ විස්තර කර ඇති පරිදි හා එහිදී ගන්නා ලද එක්ස් රේ ඡායාරූපවල අප විසින් නිරීක්‍ෂණය කරන ලද කලවා අස්ථිවල භග්නයන් පිහිටා ඇත්තේ අස්ථියේ ඉහළ කොටසේත් පහළ කොටසේත්ය. එසේම එම භග්නයක් තිරස්ව සිදුවී ඇත. මේ ආකාරයෙන් තිරස්ව හා කලවා අස්ථි දෙකේම එකම මට්ටමේ දෙතැනක පිහිටි භග්නයන් අපගේ මතය අනුව, සිදුවූවා යැයි කියන මෝටර් රථ අනතුරේදී සිදුවීමට හැකියාවක් නැත. මෙවැනි භග්නයන් සිදුවිය හැක්කේ කලවයන්ට කිහිප සැරයක් බර මොට ආයුධයකින් පහරදීමෙන් පමණක් බව අපගේ මතයයි.

04. හිසේ තිබූ දාරිත තුවාලය නිසා හිස් කබල පුපුරා නැතත් මියගිය පුද්ගලයාගේ සිහිය නැති වීමට අවස්ථාවක් ඇත.

05. වම් කකුලේ දණහිසට පහළ කොටසේ ඇති අස්ථිය දෙකට බිඳී තිබූ අතර, අපගේ මතය අනුව එය සිදුවී ඇත්තේ මෙම ප්‍රදේශයට පහරදීමක් නිසාය. අනතුරට ලක්වූ වාහනයේ ඉදිරිපස රියැදුරු හා ඉදිරිපස රියැදුරු අසුන අතර ඩෑෂ් බෝඩය සම්බන්ධ වන තහඩු හෝ කිසියම් කොටසක් ඇතුළතට නෙරා ඒමක්ද සිදුවී නොතිබුණ නිසා මෙම භග්නයන් රිය අනතුරකින් සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය.

06. පපුවේ හා බෙල්ලේ පහළ කොටස්වල තිබෙන තුවාල පසාරු වූ තුවාල වේ. බෙල්ලේ තුවාලය ශ්වාසනාලය තුළට ඇතුළු වී ඇත. සුක්කානම සවිවන පොල්ලෙන් හෝ එම පොල්ලේ නෙරා ඇති ලීවරයෙන් මේ තුවාල සිදුවිය නොහැකිය. අනතුර සිදුවන අවස්ථාවේදී මේ පොල්ලට සුක්කානමේ රවුම සම්බන්ධ වී ඇති නිසාත්, එම රවුම විනාශ වී ඇත්තේ පසුව ගිනි ගැනීම නිසාත් මේ තුවාල සුක්කානමේ පොල්ලෙන් සිදුවිය නොහැකි බව තවදුරටත් තහවුරු වේ. එය එම ප්‍රමාණය තරම් වූ මොට ආයුධයක් පසාරු වීම නිසා සිදුවිය හැකිය.

07. බෙල්ලේ පහළ කොටසේ ඇති තුවාලයෙන් දරුණු ලේ ගැල්මක් සිදුවන අතර, එසේම වාතය පපු කුහර හා පරිකන්තුව තුළට කාන්දු වීමක්ද සිදුවිය හැකිය. එය මරණීය තුවාලයක් ද විය හැකිය. නමුත් පිලිස්සුණු මෘත ශරීරයක මෙම ලක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීමට ඉඩ ඇත.

08. සොකො  නිලධාරීන් විසින් ගන්නා ලද හා පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප හට පෙන්වන ලද ඡායාරූපවල මෙම පිලිස්සී ගිය මෘත දේහය සම්පූර්ණයෙන්ම පිහිටා තිබුණේ ඉදිරි මගී අසුනේය. එසේම එය වම් පස ‍දොර දෙසට හැරී ඇති බව පෙනෙන්නට තිබිණි. පාද සම්පූර්ණයෙන්ම වම් මගී අසුන ඉදිරිපස තිබිණි. අපගේ මතය අනුව මෙම මියගිය පුද්ගලයා මෙම වාහනය පදවා ගෙන යන විට මෙය සිදුවූවා නම්, එම නිරීක්‍ෂණය කළ තුවාලත් සමඟ ඉදිරි මගී අසුන වෙත යෑමට හැකියාවක් නැත. මගී අසුන වෙත සම්පූර්ණයෙන් විසි වීමට ඉඩක් නැත. පාද දෙකම සම්පූර්ණයෙන්ම වම්පස මගී අසුන ඉදිරියෙන් තිබූ ආකාරය අනුව මරණය සිදුවීමෙන් පසු එම මළ සිරුර රියැදුරු අසුනේ සිට ඉදිරි මගී අසුනට සම්පූර්ණයෙන් විසිවී යෑමක් හෝ පෙරළීමක්, අනතුර සිදුවී ඇති වාහනයේ පිහිටීම අනුව සිදුවිය නොහැකි බව අපගේ මතයයි.

09. මේ සියලු කරුණු අනුව, මිය ගිය පුද්ගලයා මෙම වාහන අනතුර සිදුවන අවස්ථාවේ පදවා නොමැති බවත්, මියගිය පුද්ගලයාට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර වම් මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව අපගේ මතයයි.

10. මරණයට හේතුව කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුවී ඇති බහුවිධ තුවාල නිසා සිදුවී ඇති ප්‍රතිවිපාක හා ඉන්පසු ඇතිවූ ගින්නේ ප්‍රතිවිපාක බව අපගේ මතයයි. ඒ අනුව ගිනි ගැනීම මරණයට ස්වල්ප වෙලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේදී සිදුවී ඇති බවට මතයක් පළ කළ හැකිය.

11. කාබන් මොනොක්සයිඩ්, පරීක්‍ෂා කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ලබා ගන්නා ලද රුධිර සාම්පලයේ අඩංගු නොවුණද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කාබන්මොනොක්සයිඩ් රුධිරයේ තිබෙන්නට ඇතැයි සැක කළ හැකි ලක්‍ෂණ තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම එම රුධිර සාම්පල ගත්තේ පපු කුහර හා උදර කුහරවලින් බවද සඳහන් වේ. එම රුධිරය ගිනි ගැනීමට පෙර සිදු කර ඇති තුවාල නිසා පපු කුහරය තුළට ගලා ගිය රුධිරය නම්, එහි කාබන්මොනොක්සයිඩ් අඩංගු විය නොහැකිය.

වෛද්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ සහ මතයන් මෙසේය.

(1) ප්‍රථම පරීක්‍ෂණයේ සහ එම එක්ස්රේවල අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව විශේෂ වැදගත්කමක් ඇති තුවාල සහ භග්න නිරීක්‍ෂණය කළ කලවා අස්ථි දෙකද, පපු අස්ථිද ගොඩගන්නා ලද ශරීර කොටස් සමඟ නොතිබිණි.

(2) හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මෙම අවසන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ 14 පිටුවේ අවසන් ඡේදයේ මෙසේ පවසා ඇත. “මා විසින් ඉහත අස්ථි සාම්පල අප ආයතනයේ අධි ශීතකරණයේ හෝ මෘත ශරීර බහාලන ශීතකරණයේ තබන ලෙස උපදෙස් දුන්නෙමි.” නමුත් මෙම අස්ථි කොටස් හෝ එම අස්ථි නිසිලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින්, ආරක්‍ෂා කිරීමට යොමු කිරීමක සාක්‍ෂි හෝ නිරීක්‍ෂණය කළ නොහැකි විය.

(3) මෙම ආයතනයේ අනුගමනය කරන ක්‍රමවේදය අනුව එවැනි කොටස් ලේබල් කර, අංක කර ලේඛන ගත කර රසායනාගාරයට භාරදී රසායනාගාර නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අධිශීතකරණයේ තැබීමට පළමුවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සහාය වූ සුළු සේවකයන් දෙදෙනාම කියා සිටියේ ඔවුනට එම අස්ථි කොටස් රඳවා තබා ගැනීම සඳහා එම වෛද්‍යවරු තිදෙනාගෙන් උපදෙසක් නොලැබුණු බවයි.

(4) අප විසින් ආයතනයේ ඇති සියලු අධි ශීතකරණ හා මෘත ශරීර බහාලන ශීතකරණ පරීක්‍ෂා කළද, එම අස්ථින් සොයාගත නොහැකි විය.

(5) ඉන්පසු 2015 සැප්තැම්බර් 30 වැනි දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ වෛද්‍ය සමරසේකර මහතාද මෙහි පැමිණියද එම අස්ථින් සොයා ගැනීමට ඔහුටද නොහැකි විය. කෙසේ වුවත් මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ගන්නා ලද සහ සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින් ලේඛන ගත කර තිබූ අනෙකුත් සියලු නිදර්ශන නිසි ලෙස ආරක්‍ෂා සහිතව රසායනාගාරයේ තිබිණි.

(6) ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී අපගේ මතය වන්නේ මෙම කලවා අස්ථි දෙක හා පපු අස්ථිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය තුළ රඳවා නොමැති බවයි.

ranil123

ජාතිවාදීන්ට අගමැති පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවනු ලැබුවේ පැවති රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ මීට පෙරදීම ලංකාව තුල විමර්ශණය කිරීමට තිබු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආරක්ෂක අමාත්‍යංශය / අධිකරණ / නීතිය සහ සාමය ඇතුලු අමාත්‍යංශ කිහිපයක පිළිබඳ වැය ශීර්ෂ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් කිරීමට රටවල් රැසක් සහය ලබාදුන් බවයි. ජිනීවා මානව හිමිකම් කොමිසම තුල ගැටලුකාරී වාතාවරණයක් ඇතිකර ගනු ලැබුවේ පැවති රජය බවත් එම රජයේ බලධාරීන් ඉන්දියාව සමග මානව හිමිකම් කවුන්සිලයට ගොස් සිදුවු මානව හිමිකම් පිළිබඳ විමර්ශණය කරන බවට පොරෙන්දුවක් ලබා දුන් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාතිවාදී ගැටලු ඇති නොකර රජයේ අඩුපාඩු පෙන්වා දෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ජාතිවාදය ඇති කරවීමට උත්සාහ කරන ඇතමුන් කාඩ්බෝඩ් ජාතිවාදීන් බව රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරණු ලැබේය.

s1

සිසුන්ට වන්දි ගෙවන්න මානව හිමිකම් කොමිසම පොලිසියට කියයි.

s1

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයේදී පහර කෑමට ලක්වූ එච්.එන්.ඞී.ඒ. සිසුන්ට වන්දි මුදලක් ගෙවන්නැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිසියට නිර්දේශ කර ඇත.

එම පහර දීමට අදාළව මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද පරික්ෂණයට අදාළව මෙම නිර්දේශය නිකුත් කර ඇත.  ඒ අනුව එම අවස්ථාවේදී පොලිස් ප‍්‍රහාරයට ලක් වූ සිසුවිය ඇතුළු තුවාල ලැබූ සිසුන්ට වන්දි මුදල් ගෙවන ලෙසයි අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන්නේ.

සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට 2016.03.01 ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නිර්දේශ කෙරිණ.

වර්තමානයට ගැලපෙන ආකාරයට නීති විරෝධී මහජන රැස්වීම් පාලනය කිරීමට හා කැරලි මර්දනය කිරීමට සුදුසු ක්‍රමවේදයක්ද  එදිනට සකස් කර ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.

මෙම පහර දීම සම්බන්ධව අගමැති විසින් රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ කමිටුවේ වර්තාවද අගමැතිවරයාට ලබා දී ඇති අතර එම වර්තාව ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

 

 

hangman (1)

‘‘අවශ්‍යනම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරණවා“ අධිකරණ ඇමති කියයි

අවශ්‍ය වුවහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැල්ල තවදුරටත් පාලනය කරගැනීමට හා අපරාධකරුවන්ගෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට නොපැකිලෙන බව ද ඔහු කියා සිටියේය. එල්ලුම්ගසට නියම වූ වරදකරුවන් දහසකට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද දැනගන්නට ඇත.

 

-වේරගොඩගේ සජිව විජේවීර

-Lankadeepa

mahindarajapaksaa (1)

හිටපු ජනපතිට පෙරටුගාමීන්ගෙන් නඩු

පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

සන්නද්ධ හමුදාවලට පොලිස් බලතල පවරමින් නිකුත් කෙරෙන රෙගුලාසිවල පදනම මත ඔහු හමුදා කැඳවා ඇතැයි එම පක්ෂය කියයි.

‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘

 

-තරිඳු ජයවර්ධන

-Lankadeepa

Harin Fernando (2)

හරීන් ඉවත් කරන්න ශෂීන්ද්‍ර උසාවි යයි

ඌව පළාත් මහ ඇමැතිවරයා වශයෙන් එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

 

-රංජන් කටුගම්පොළ සහ තිලිණි ද සිල්වා

-Lankadeepa

Nisha Biswal (1)

බිස්වාල් උදම් අනයි

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙමින් ලංකාවේ සිදුව ඇති පරිවර්තනය ගැන මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද (02) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී කීවාය.

එවැනි පරිවර්තනයක් ශ්‍රී ලංකාවේ සිදුව ඇති මොහොතක දී එන්නට  හැකි වීම ගැන සතුටට පත්වන බව ද ඇය කීවාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ නව රජයේ දින 100ක වැඩ පිළිවෙළේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කර තිබෙන බව ඇගේ අදහස විය.

ඇය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වූවාය.

 

-තිලිණි ද සිල්වා

-Lankadeepa

welesuda (1)

වෙළේ සුදා 30 දෙනකුගේ නම් වමාරලා

වෙළේ සුදාගේ ප්‍රශ්න කිරීම්වලින් ශ්‍රී ලංකාවේ හෙරොයින් මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ බව කියන තිස් දෙනකුගේ පමණ නම් සඳහන්වී ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හැරුණුවිට වෙනත් දේශපාලනඥයන්ගේ නම් කියවී නැති බවත් සෙසු අය පොලිසියේ හා රජයේ වෙනත් නිලතල දරණ අය බවත් පෙනේ යැයිද පොලිසිය සඳහන් කරයි.

ඔහුගෙන් කියවෙන නම් වෙනත් සාක්කිකරුවන්ගෙන් තහවුරු වෙනතුරු කිසිවකු අත් අඩංගුවට නොගන්නා බවද පොලිසිය පවසයි.

 

-බිමල් ශ්‍යාමන් ජයසිංහ

-Lankadeepa

welesuda (1)

‘වෙළේ සුදාගේ කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරනු‘

වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සම්බන්ධ හෙරොයින් මත් කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරන ලෙස පොලිස්පති නියෝග කරයි. ඒ සඳහා බස්නාහිර නව ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.

වෙළේ සුදා පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

 

-බිමල් ශ්‍යාමන් ජයසිංහ

-Lankadeepa

tissa attanayake (1)

තිස්ස අත්තනායක අත්අඩංගුවට [Video]

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

(වීඩියෝ සනත් ඩෙස්මන්)

 

-බිමල් ශ්‍යාමන් ජයසිංහ , සනත් ඩෙස්මන්

-Lankadeepa